ස්මාර්ට්ෆෝන්

ලොව ජනප‍්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් විසින් ස්මාර්ට්ෆෝන් උපාංගයක් හඳුන්වාදීමට යන බවට යළිත් රාවයක් පැතිරෙමින් තිබේ.
නිවි යෝක් ටයිම්ස් පුවත්පත විසින් මේ පිළිබඳව වාර්තා කර තිබුනේ නම් සඳහන් නොකරන ලද ෆේස්බුක් සේවකයන් හා මෙම ෆේස්බුක් ස්මාර්ට්ෆෝන් නිපදවීමට සමාගම බඳවාගැනීමට සෙවූ ඉංජිනේරුවන් කිහිපදෙනෙකු මූලාශ‍්‍ර ලෙස දක්වමිනි.
ෆේස්බුක් ස්මාර්ට්ෆෝන් උපාංගය ලබන වසර වන විට එළිදැක්වීමට එම සමාගම අදහස් කර සිටින බව මෙම වාර්තාවේ දැක්වේ.විදෙස් මාධ්‍ය වල ෆේස්බුක් ෆෝන් ලෙස හැඳින්වෙන මෙම ස්මාර්ට්ෆෝන් උපාංගය පිළිබඳව මුල් ම රාවයක් පැතිර ගියේ 2010 වසරේදීය.
කෙසේ වෙතත්, මේ පිළිබඳව ෆේස්බුක් සමාගම ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.